Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත්...

ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම

ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම 

ගුවන්තොටුපල විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කෙරේ. ඒ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක කේෂ්ත්‍රයේ නියුතු සංවිධාන 49ක නියෝජිතයන් සමඟ අද (18) පැවැති විශේෂ සාකච්ඡාවක දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඕක් උත්සව ශාලාවේ දී පැවැති මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ, මහ බැංකුවේ හා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු ද සහභාගී වූහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහීදී  කියා සිටියේ ඉතා ඉක්මනින් රට සංචාරකයන්ට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.ගුවන්තොටුපල කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර ඇති බවත් සංචාරකයන්ට රට විවෘත කිරීමත් ගුවන්තොටුපල විවෘත කිරීමත් එක හා සමාන බැදුණු කාරණා දෙකක් බවත් ඇමතිවරයා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

” කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ වැඩි වශයෙන්ම බිඳ වැටුණු කේෂ්ත්‍රයක් තමයි සංචාරක කේෂ්ත්‍රය. එය නැවත නගා සිටුවීම ලේසී පහසු කටයුත්තක් නෙවෙයි. කොව්ඩ් 19 නිසා සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මැතිවරණ කොමිසම එහි ගෙවීම් කටයුතු ද සීමා කළා. අපි එහි ගෙවීම් නැවත ආරම්භ කලත් එහි කිසියම් ප්‍රමාදයක් තිබෙන බව පේනවා. සති දෙකක් තුළ මෙම සහන සැලසීමේ වැඩසටහනේ තිබෙන අඩුපාඩු මඟහැරවීමට වහාම පියවර ගත යුතුයි. තවදුරටත් මෙම සහන සැලසීමේ වැඩපිළිවල ප්‍රමාද කරන්න එපා. 

මෙරට සංචාරක කේෂ්ත්‍රයට අදාල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්නවා. සමහර මූල්‍යායතන සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට රජය ලබාදෙන ලීසිං හා ණය පහසුකම් ලබා නොදෙන බවට අපට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි ආයතන සම්බන්ධයෙන් අපි මහ බැංකුවට වාර්තා කරනවා. මොකද රජය විසින් ලබා දුන් සහනයක් කිසිවෙකුටත් නොදි ඉන්න බෑ.

එකිනෙකාට චෝදනා කරමින් පහුගිය කාලයේ සිදූ වූ දේවල් ගැන කතා කර කර ඉදලා වැඩක් නෑ. දැන් අපි වැඩ කරන්න ඕනෑ. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ඉතා ඉක්මනින් ගුවන්තොටුපල විවෘත කරලා සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යයි. අපේ වගකීම තමයි ඉතා ඉක්මනින් එය ඉටුකර දීම.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා –

සංචාරක කේෂ්ත්‍රයේ අසීරුම කාලය තමයි මේ ගෙවන්නේ. අපට සංචාරක කේෂ්ත්‍රයේ සපූරා ගතයුතු ඉලක්ක රාශියක් තිබෙනවා.කොවිඩ් 19 වසංගතය නිසා සංචාරක කේෂ්ත්‍රය බිඳවැටුණා. එය නඟා සිටුවීම සඳහා අපට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් අවශ්‍ය වෙනවා. ඒ දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් අප මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට සංචාරක කේෂ්ත්‍රයේ නියුතු සියළුදෙනාගේ සහය අවශ්‍යයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියද මෙහිදී කතා කලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img