Sunday, November 15, 2026
HomeNEWSLatest Newsතවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් වැඩ බාරගනී

තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් වැඩ බාරගනී

තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක් වැඩ බාරගනී

නව ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු අදත් (18) සිය ධුරවල රාජකාරි ආරම්භ කළහ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද එම අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කළේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාද ධුරයේ වැඩ භාරගත්තේ එම අවස්ථාවේදීය.

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද අද සිය ධුරයේ වැඩ භාරගත්තේය.

එම අවස්ථාවට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියේය.

සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළ අතර එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එක්ව සිටියේය.

මේ අතර, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද අද පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේය.

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද අද ධුරයේ වැඩ ඇරඹුවේය.

මේ අතර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත විය.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ අතර, අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කෙරුණු නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය රාජකාරී ආරම්භ කිරීම අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img