Sunday, November 15, 2026
HomeNEWSLatest Newsනැගෙනහිර ආණ්ඩුකාරවරිය ජනතාව වෙනුවෙන් මහජන දිනය අලුත් කරයි.

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ජනතාව වෙනුවෙන් මහජන දිනය අලුත් කරයි.

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ජනතාව වෙනුවෙන් මහජන දිනය අලුත් කරයි. 

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවත්වන පළමු මහජන දිනය අද(19) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි විශේෂත්වය වන්නේ පළාත් සභාවේ සියලු ආයතන නියෝජනය කරමින් එක් නිලධාරියෙකු මෙම මහජන හමුව සඳහා ප්‍රථමවරට සහභාගි කරවා ගැනීමය. 

ජනතාවගේ ගැටලු සදහා ඒ මොහොතේම විසදුම් ලබාදීම සඳහා මෙම නිලධාරීන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මහජන දිනය සඳහා සහභාගි කරවා ගැනීමට ආණ්ඩුකාරවරිය තීරණය කිරීම ද විශේෂත්වයකි. 

ඒ අනුව මිට සමගාමිව පළාතේ සෑම දිස්ත්‍රික්කයකම මසකට එක් දිනයක් ආණ්ඩුකාර මහජන දිනය පැවැත්විමට නියමිතය. ඒ සදහාද පළාත් සභාවේ නිළධාරින්ගේ පැමිණිම අනිවාර්ය කර තිබේ. 

ආණ්ඩුකාර කාර්යාලය ත්‍රිකුණාමලයේ ස්ථානගත වීම හේතුවෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ජනතාවට බොහෝ දුරබැහැර ගෙවා ත්‍රිකුණාමලයට පැමිණිම දුෂ්කර නිසා ආණ්ඩුකාරවරිය එම දිස්ත්‍රික්කවලද මහජන දින පැවැත්විම සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img