Sunday, November 15, 2026
HomeNEWSLatest Newsප්‍රතික්ෂේප කෙරෙන බිළිඳුන් බාරගැනීමට විශේෂ කවුළු

ප්‍රතික්ෂේප කෙරෙන බිළිඳුන් බාරගැනීමට විශේෂ කවුළු

ප්‍රතික්ෂේප කෙරෙන බිළිඳුන් බාරගැනීමට විශේෂ කවුළු

විවිධ හේතූන් මත සිය අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කරමින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නව පියවරක් ගෙන තිබේ.

ඒ අනුව එසේ ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු ( Infant receiving windows) පළාත් 9හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව ඇති කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කර තිබේ.

එසේම ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ළමා අපයෝජනය සිදුකරනු ලබන සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය ( Complaint Update and Management Digital System – CUMS) ප්‍රථම වරට මේ වනවිට සකසා අවසන් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

එසේම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය( Police Complaint Update and Management Digital System – Police CUMS) සකස් කිරීමේ කටයුතු මේ දිනවල දී සිදුකරමින් පවතින බවත් ජාතික ළමා අරක්ෂක අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img