Monday, November 16, 2026
HomeNEWSLatest Newsඅනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් - CCTV දර්ශන තිබෙන බව නීතිපති...

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් – CCTV දර්ශන තිබෙන බව නීතිපති කියයි

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් – CCTV දර්ශන තිබෙන බව නීතිපති කියයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මීගමුව පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද (20) දිනයේ දී නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබුණි.

මේ අතර මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සම්පායෝ අත්අඩංගුවට ගත් බවට අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් නොපමාව කරුණු දක්වන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම සම්පායේ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද විමර්ශනය පවත්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

“අනුරුද්ධ සම්පායෝ යන අය පොලිස් බාරයට ගත් ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් ජීප් රථයකින්ද ඊට පිටුපස වෑන් රථයකින් පැමිණ සිටි අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පිරිසක් අනුරුද්ධ සම්පායෝ එම ස්ථානයට ළඟාවන තෙක් රැඳී බලා සිටින ආකාරයත් නිරීක්ෂණය වුණා. එසේම අනුරුද්ධ සම්පායෝ නැමැත්තා රතු ඩිස්කවරි ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණ එම රථයෙන් බැස මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ රථය අසල ට ඇවිද යන ආකාරයත් එහි සටහන් වී තිබුණා.“ යනුවෙන් නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

“එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ තම ජංගම දුරකථනයෙන් යමෙකු අමතමින් සිටි ආකාරයත් ඉන් අනතුරුව එම දුරකථන ඇමතුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කථා කිරීමට ලබාදෙන ආකාරයත් පෙනී ගියා. තවද මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ ශරීරයට අතපාමින් ඔහුව සුහදව පිළිගන්නා ආකාරයත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා“. යනුවෙන් ඇය සඳහන් කළේය.
 

“ඒ අනුව එය අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තුකරුවකු පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙක් පිළිගැනීමක් බව සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට පැහැදිලි වන කරුණක් බවට ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදුකළා. එසේම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ යන සැකකරුව පොලිස් ජීප් රථයේ පිටුපස අසුනේ රඳවා ගනිමින් යම් පුද්ගලයෙකු එතනට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් බලාසිටි තත්ත්වයත් නිරීක්ෂණය කළා,” යනුවෙන් නිශාරා ජයරත්න මෙනවිය කීවාය.

“එසේම ඔවුන් යම් කාලයක් එසේ රැඳීසිට ඇත්තේ එක් මාධ්‍ය ආයතනයක මාධ්‍යකරුවෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් බවද සී.සී.ටී.වී. දර්ශන නැරඹීමේදී මනාව පැහැදිලිවන බව ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදුකළා. එම මාධ්‍යවේදීයාගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායෝ යන සැකකරු හට මාධ්‍යයට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්ම ලබාදී ඇති බව වැඩිදුරටත් පැහැදිලි වුණා“. යනුවෙන් ඇය සඳහන් කළාය.

“එබැවින් ගරු අධිකරණයකින් වරෙන්තු නිකුත් වී තිබූ අනුරුද්ධ සම්පායෝ යන සැකකරු වරෙන්තු නිකුත් වී දින 11 කට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට මහජනතාවට ඒත්තු ගැන්වීම පිණිස මේ ආකාරයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ යන සැකකරු සමග එකට එක්ව කරන ලද සාමූහික රඟ දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නොපමාව වාර්තා කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නා“ යනුවෙන් නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් කීවාය.

මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළේය.

ප්‍රශ්නය – මීගමුව අධිකරණයේදී කරුණු දක්වලා තියෙනවා අපිට ආරංචියක් ආවා ඔබතුමා වැරදි ප්‍රකාශ නිකුත් කළා කියලා මේ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා – “නීතිපති කරුණු දැනුම්දීලා තියෙනවා, මට එරෙහි විමර්ශනයක් ගැන කරුණු කීම උචිත නැහැ, වැඩිදුර කරුණු කියන්නේ නැහැ“.

ප්‍රශ්නය – පරීක්ෂණයක් පවත්වන්න කියලා තියෙන්නේ?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා – “මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව විමර්ශනයක්, උපදෙස් දීලා තියෙන්නේ මේ වන විටත් විමර්ශනයක් අරඹලා. වැඩබලන පොලිස්පති නියෝග කරලා තිබුණා, සම්පායෝ අත්අඩංගුවට ගැනීමේදී හැසිරුණු ආකාරය ගැන“.

ප්‍රශ්නය – ඔබතුමා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපතිවරයා කියලා තියෙනවද සොයා බලන්න කියලා මොකක්හරි?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා – “නීතිපති ලිපියක් එවලා තියෙනවා. විමර්ශනයක් ආරම්භ කරන්න කියලා තියෙනවා. පොලිස්පති එය සිදුකරයි“.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා භූමියේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය ගැන මහා නායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතුයි- ෂිරාස් යුනුස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පූජාභූමියේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ මූල්‍ය මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කරයි.

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img