ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
නව වැනි පාර්ලිමේන්තුවේ ප්රථම සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (20) පස්වරු 3ට පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ සඳහා මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
නව වන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්රය වෙත රැගෙන යනු ලැබීය.
මේ වන විට සියලූම මන්ත්රීවරු නියමිත ආසන වෙත ගොස් අසුන් ගෙන ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.






















