Tuesday, April 28, 2026
HomeNEWSLatest News‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා.’ ‘ලකුණු රැස් කිරීම’...

‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා.’ ‘ලකුණු රැස් කිරීම’ දේශීය කර්මාන්තකරුවා සතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා.’ ‘ලකුණු රැස් කිරීම’ දේශීය කර්මාන්තකරුවා සතුයි
– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
යම් යම් නීතිමය බාධාවන්, බදු ක‍්‍රමයන්හි පැවැති ගැටලූ ආදිය ඉවත් කරමින් දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දීමේ තම වගකීම ඉටු කරමින් සිටින බවත් හො`දින් ලකුණු රැස් කරමින්, මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නව නැම්මක් ඇති කිරීමට දායක වීම දේශීය කර්මාන්තකරුවාගේ කාර්යය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.අද (25* බත්තරමුල්ලේ දියත උයන පරිශ‍්‍රයේ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද ස`දහන් කළේය. ‘‘දේශීය වශයෙන් පාවහන් නිෂ්පාදනයේ යෙදෙන සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවා දිරි ගන්වන්නත් ඔවුන්ගේ නිෂ්පාදන අපේ පාරිභෝගිකයාට සමීප කරවන්න අතරමැදියා ලෙස මැදිහත් වන්නත් මෙවැනි පාවහන් සල්පිලක් පැවැත්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව සඵල කර ගැනීමට ප‍්‍රදර්ශන කුටි 47කින් යුත් මෙම සල්පිලෙන් හැකි වන බව අපට විශ්වාසයි.දේශීය පාවහන් නිෂ්පාදකයා රැක ගැනීම ස`දහා ආනයනය කරනු ලබන පාවහන් ස`දහා අය කරනු ලැබූ සෙස් බද්ද වැඩි කිරීමට අපි රජයක් ලෙස පියවර ගෙන තිබෙනවා. එසේම නීති විරෝධීව මෙරටට රැගෙන එන පාවහන් හේතුවෙන් ද දේශීය පාවහන් නිෂ්පාදකයා ගැටලූවකට මුහුණපානවා. එසේ නීති විරෝධිව මෙරට තුළට පාවහන් රැගෙන ඒම නතර කිරීම ස`දහා ද අපි අදාළ අංශ සම`ග සාකච්ඡුා කර අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. පාවහන් නිෂ්පාදකයාට විදෙස් වෙළෙ`දපොළ ජය ගැනීම ස`දහා අවශ්‍ය වාතාවරණය ද අපි සකසා දෙනවා. යම් යම් නීතිමය බාධාවන්, බදු ක‍්‍රමයේ පැවැති ගැටලූ ආදිය නිරාකරණය කර දී දේශීය කර්මාන්තකරුවා දිරි ගැන්වීමයි අපි සිදු කරන්නේ. කර්මාන්ත අමාත්‍යාංශය විදිහට අපට දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දිය හැකියි. ලකුණු රැස් කිරීම ඔහුගේ කාර්යයයි.විදේශීය නිෂ්පාදන හා සමාන තත්ත්වයේ පමණක් නොවෙයි ඊටත් වඩා හො`ද තත්ත්වයේ නිෂ්පාදනයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙනවා. නමුත් අපේ රටේ ඇතැමුන් තුළ තවමත් පවතින ‘දීන ආකල්පයක්‘ නිසා ආනයනික නිෂ්පාදනයන් ඉහළින් තබනවා. විකුණන විටත් කියන්නේ ‘මේක රට එක’ කියලයි. අපි ඒ ආකල්පයෙන් මිදිලා දේශීය දේවල් අගය කිරීමටත් ඒවා පාරිභෝජනය කිරීමටත් සූදානම් විය යුතුයි. එවිට දේශීය නිෂ්පාදකයා රැක ගත හැකියි.ලංකා කඩදාසි සමාගමට අයත් යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හලට අපි යළි පණ දුන්නා. ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් නුදුරේදීම යළි විවෘත කෙරෙනවා. ලංකා පි`ගන් සංස්ථාව සතු වසා දමා තිබූ තිබූ ‘මහියංගනය උළු කම්හල‘ යළි විවෘත කළා. ඉදිරියේ දී ඔඞ්ඩුසුඩන් උළු කම්හලත් යළි විවෘත වේවි. ඛනිජ සම්පත් ආශ‍්‍රිත රාජ්‍ය සමාගම් මගින් මිනිරන්, ඛනිජ වැලි ආදිය අගය එකතු කිරීමක් සිදු කර අපනයනය ස`දහා ගත යුතු පියවර අපි ගනිමින් ඉන්නවා. පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවාට ද දිරි දෙමින් සිටිනවා. කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදයක් ඇති කිරීමට අපි ක‍්‍රමානුකූලව ගමන් කරමින් සිටිනවා. මම මේ කර්මාන්ත අමාත්‍යාංශය ඉතා සතුටින් භාර ගත්තේ. මේ රටේ කර්මාන්තකරුවාට අත දීම, දිරි දීම  පිංකමක් ලෙසයි මම දකින්නේ. ඒ පිංකමට මම ඉතා කැමැත්තෙන් සම්මාදම් වෙනවා.’’මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත, ශ‍්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී. ජී. විමලසිරි, ලේකම් ශ‍්‍රියානි ද සේරම් ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img