ජනපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි බැහැ දකී…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි බැහැ දැක සුව දුක් විමසීය.
විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්ම්න්ත්‍රණ ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කුසලධම්ම හිමියෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ. එය කඩිනමින් නිම කර දෙන බව ජනාධිපතිතුමා උන්වහන්සේ සමග පැවසීය.
විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ වෙසෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ද බැහැ දුටු රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.






















