Sunday, May 3, 2026
HomeNEWSLatest Newsසාරධර්මවලින් පිරිපුන් සමාජයක් රටට දායද කර ගැනීමට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ...

සාරධර්මවලින් පිරිපුන් සමාජයක් රටට දායද කර ගැනීමට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

සාරධර්මවලින් පිරිපුන් සමාජයක් රටට දායද කර ගැනීමට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල්
අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය
කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.23 දින
පැවැසීය.
ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල්
දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මැතිතුමා මේ බව අවධාරණය කළේය.
පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ
විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ
අග්‍රාමාත්‍යවරයා කිසිඳු ආගමක ප්‍රචන්ඩත්වය උගන්වන්නේ නැති බවට
විශ්වාසය පළ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,
බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ
වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපන
රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල්
වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත
ශ්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ
ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත්
ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා.
ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම්පාසල් අධ්‍යපනය ලබනවා. ඒ පිළිබඳව
එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන්
පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන
යාම පිණිස ගරුතර මහා සංඝ රත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන
නිවේදන අංක – 28
2020.08.23

කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිඳු වේතනයක් නොලබා ගරුතර
මහා සංඝරත්නය ප්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම
අපි අගය කළ යුතුයි.
ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්ත්‍යව්‍ය අගය
කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි
ප්‍රමාණයක් සාරධර්ම පිරීහිම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස්
වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ
දරුවන්ගෙන් දහම් පාසල් යන ප්‍රමාණය බැලුවාම විශාල දරු පරපුරක් බෞද්ධ
අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම
ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.
දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක්
අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා
තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක්‍රමවේද
සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම්
පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා
අමාත්‍යවරයෙකු ද පත්කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ
ඉදිරියට ගෙන යාමේ පියවරක්.
රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා
අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ගරු ජනාධිපතිතුමා
පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට
ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය
ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.
බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ
ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම්
ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.
පසුගිය කාලයේ රට තුළ සිදු වූ විවිධ ප්‍රශ්න, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදය
යනාදී ගැටළු ඇති වුණා. එවැනි සියල්ලක් නැති කිරීමට වඩාත් දායක වෙන්නේ
ආගමික අධ්‍යාපනය. කිසිම ආගමක ප්‍රචන්ඩත්වය උගන්නන්නේ නෑ. ඒ වගේම

මෙම උත්සවය පැවැත්වීමට කසාගල තෝරා ගැනීම පිළිබඳවත් මා සතුටු
වෙනවා. , යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී
ආචාර්යය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා
අමරපුර සංඝසභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජි මහනායක
මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝ නායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ,
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු නියෝජ්‍ය සභාපති, මහාචාර්ය
පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය
මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර
මැතිතුමා, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය
අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා, ගුවන් සේවා හා අපනයන කලාප
සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්
රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා,
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හා බුද්ධ ශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල
ගුණවර්ධන මහතා ප්‍රමුඛ දකුණු පළාත් ලේකම්තුමා හා දිස්ත්‍රික් ලේකම්තුමා
ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් හා දුවා දරුවන් මේ
අවස්ථාව සඳහා සහභාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img