Saturday, May 2, 2026
HomeNEWSLatest Newsඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් හිමි සැම පුද්ගලෙයකුම තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් හමුවී බී.සි ආකෘති පත්‍රය පුරවා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගියදා මහා මැතිවරණය හේතුවෙන් මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු කල් දැමීමට සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව මෙම ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සිදුකිරිමට නියමිතව තිබේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පැවැත්වුණ හොත් එම මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර බී.සි ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරින්වරු විසින් සියලුම නිවාස වෙත ලබා දීමට ද පියවර ගන්නා බව ඔවුන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img