Saturday, September 5, 2026
HomeNEWSLatest Newsදේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් - ජනපති

දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් – ජනපති

දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් – ජනපති

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවය.

බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් ඉදිරි දෙවසරේ දී අභියෝග ගත ඉලක්ක සපුරාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණික කෘෂිකාර්මික රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000ක් වන අතර පාරිභෝගික අවශ්‍යතාව ටොන් 250,000ක් වන අතර අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරාගැනීමට ගොවීන් දිරිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්ක ජයගැනීමටත්, වෙනත් ආදේශ අල වර්ග පරිභෝජනයට දිරිගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වය අත්කර ගැනීමට හැකියාව පවතින බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගබඩාකරණයේ දී සහ ප්‍රවාහනයේ දී සිදුවන හානිය මගහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

වසර 08ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බදවා ගැනීම් කර නොමැති අතර පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉහළ ප්‍රමිතියෙන් යුත් පොහොර සුදුසු පරිදි භාවිතයටත් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී පරපුරක් බිහි කිරීමට කාබනික පොහොර භාවිතයට යොමුවීම ගැනත් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමේ වැදගත්කම පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img