කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජර්මනියේ සිට ගුවන් යානා 04 කින් එම පිරිස අද (26) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව “අද දෙරණ “ වාර්තාකරු සඳහන් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 23 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සහ ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට ශ්‍රී ලාංකිකයන් 102 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටාර් රාජ්‍යයේ දෝහා සිට 279 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ ඇත.
ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණයවලට ලක්කිරීමේන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව අප වාර්තාකරු පැවසීය.























