Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමාධව දේවසුරේන්ද්‍ර මහතා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් ලෙස...

මාධව දේවසුරේන්ද්‍ර මහතා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් ලෙස වැඩ ආරම්භ කරයි.

මාධව දේවසුරේන්ද්‍ර මහතා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් ලෙස වැඩ ආරම්භ කරයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙක් වන මාධව දේවසුරේන්ද්‍ර මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ ආරම්භ කල අයුරු ඡායාරූපයේ දැක්වේ.

මාතර රාහුල විද්‍යාලයේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යකු වන දේවසුරේන්ද්‍ර මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙකි. රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව හා කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිදාරියෙකු  වන ඔහු ලෝක බැංකුව ඇතුලු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයෙහි අත්දැකීම් ලද්දෙකි.

මීට පෙර කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි රාජ්‍ය ලේකම්දූරය ඉසිලූ ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දශක තුනක අත්දැකීම් ඇති ජේෂ්ඨ නිළධාරියෙකි. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙසද කලක් කටයුතු කර ඇත.

රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ජී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම්වරුන් වන ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ හා ඒ. එච්. සුනිල් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img