Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඅනවසරයෙන් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

අනවසරයෙන් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) සවස 6.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි තායිලන්ත සහ චීන ජාතිකයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් එක සැකකරුවෙකු සන්තකයේ තිබී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300ක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර කාන්තාවන් 9 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4 දෙනෙක් සිටියි.

මොවුන් සියලු දෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 20ත් 44 ත් අතර පසුවන බව පොලීසිය පවසයි.

ඔවුන් සියලු දෙනා අද (27) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img