Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsවනජීවී නිලධාරියාගේ ගිනි අවිය දඩයක්කරු ට දීලා !

වනජීවී නිලධාරියාගේ ගිනි අවිය දඩයක්කරු ට දීලා !

වනජීවී නිලධාරීන්ට දෙනු ලබන ගිනි අවියක් පොලොන්නරුව ප්‍රදේශයේ දී දඩයක්කරුවෙක් යැයි සැක කෙරෙන පුද්ගලයෙක්ගේ නිවසේ තිබී සොයාගෙන තිබේ.  

ඊයේ, පොළොන්නරුව, ගල්ඔය හතරැස්කොටුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂාවට ලක්කිරීමේ දී වනජීවී නිලධාරීන් භාවිතයට ගන්නා විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතරොම් 3ක් යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක්, යුද හමුදා නිලධාරීන් භාවිතා කරන භාණ්ඩ කිහිපයක් සමග වියළන ලද දඩමස් කිලෝ 1යි ග්‍රෑම් 350ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එහිදී අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැණුනු අතර අදාළ ගිනි අවිය හබරණ වනජීවී කාර්යාලයට අනුයුක්ත බීට්ටු වන නිලධාරියෙකුගේ බවට අනාවරණවී තිබේ.

ඊයේ (27) ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට සහ අරලගංවිල විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

අදාළ සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය අරලගංවිල විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හබරණ පොලීසියට බාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img