Friday, May 1, 2026
HomeNEWSLatest News‘2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම...

‘2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දේවි’ කියා, ජනතාව තුළ ඉමහත් විශ්වාසයක් තිබෙනවා

‘2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දේවි’ කියා, ජනතාව තුළ ඉමහත් විශ්වාසයක් තිබෙනවා
                                                                       – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ
රට ආරක්ෂා කරන, එමෙන්ම රට එක නීතියක් යටතට රැගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර දෙනු ඇතැයි යන ඉමහත් විශ්වාසයෙන් යුතුව ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට 2/3ක බලයක් ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (30) පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“රැගෙන යමින් තිබූ අදූරදර්ශී මාවතින් එළියට අරන් අද අපේ රට ක්‍රමානුකූලව නිවැරදි මාවතක රැගෙන යමින් තිබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ වුවත් 2/3ක බලයක් අපට ලැබුණේ මේ රටේ ජනතාව ස්ථාවරභාවය ඉල්ලා සිටින නිසයි. ගෙවී ගිය වසර හතරහමාරක කාලය තුළ මේ රටේ ජනතාව අත්වින්දේ අවුල් වියවුල් සහිත පාලනයක්. ‘ඒ අවුල ඇති කරපු හවුලත් එපා! එවැනි අවුලක් ආයෙත් එපා!’ කියලයි ජනතාව 2/3ක බලයක් දුන්නේ. ඒ 2/3ක බලය, ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ලබා දුන්නේ ඉමහත් විශ්වාසයෙන්.

‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!’

ඒ විශ්වාසය තුළ තිබෙනවා, 2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට ස්ථාවර කරන ‐ රට එක නීතියක් යටතට ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙවත් ‘මූලික නීතියක්’ හඳුන්වා දෙයි, කියලා. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක් එක් ජාතිකත්වයන්ට, එක් එක් ප්‍රදේශයන්ට වෙන වෙනම නීති පැවැතීම නතර කර, මු`ඵ රටම එක නීතියක් යටතට රැගෙන ආ යුතුයි. එය අත්‍යවශ්‍යයි. එවැනි දැවැන්ත ජනතා බලාපොරොත්තුවක් 2/3ක බලයක් ලබා දීම පිටුපස තිබෙනවා.

‘19 අහෝසිය ප්‍රමාණවත් නැහැ’

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යතුමන් දැනුම් දී තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති කොට තිබෙන වියවුල අපේ ආණ්ඩුවට නම් අදාළ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඒ අවුල අදාළ නැහැ. ඒ බල සාධක එකිනෙකා සමඟ හැප්පෙන්න යන්නේ නැහැ. ඒ නිසා මම නම් දකින්නේ අද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවාට වඩා 2/3 ජනවරමේ ආනුභාවයෙන් 1978 සිට රෙපයාර් කරමින් එන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට රට ස්ථාවර කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි.

‘කොරෝනා වසංගතයෙන් එළියට’

ඒ ස්ථාවරභාවයත් සමඟම රටේ ආර්ථික ප්‍රගතිය ඇති වෙනවා. ඒ ආර්ථික ප්‍රගතිය ඇති වුණාම අපේ රටේ දරුවන්ට රැකියා අවස්ථාවන් නිර්මාණය වෙනවා. අධ්‍යාපනය, රැකියා වෙළඳපොළට උවමනා ආකාරයට හැඩ ගැහෙනවා. ඒ විදියට අපේ සමාජ ආර්ථික දුක්ගැනවිලිවලින් ක්‍රමානුකූලව එළියට එන්න ලැබෙනවා. අපේ ගුවන්තොටුපළ විවෘත කරන තුරු විදෙස් ආයෝජකයෝ බලා ඉන්නවා. අපේ රට ආරක්ෂිත රටක් ලෙස ඔවුන්ට අද විශ්වාසයක් ඇති වී තිබෙනවා. ඒ වගේම විදෙස් ශ්‍රමිකයන් බලා ඉන්නවා, ඔවුන් ඒ රටවල දී එක් රැස් කළ මුදල් යොදවා මේ රටේ ව්‍යාපාර ආරම්භ කිරීමට. කොරෝනා වසංගතයෙන් ලෝකය මිදෙන විට අපට අපේ රටේ ඇති වන ප්‍රබල ආර්ථික වර්ධනය දැක ගත හැකි වේවි. ලෝකයේ මුලින්ම කොරෝනා වසංගතයෙන් එළියට එන රට බවට ශ්‍රී ලංකාව පත් වීම වැළැක්වීමට බැහැ.

විරුද්ධ පක්ෂ බලවේගවල අපේක්ෂාව

අද අපේ රටේ විරුද්ධ පක්ෂ බලවේග බලන්නේ, ඇති වී තිබෙන ස්ථාවරභාවය බිඳ දම්න්නයි. දැනටමත් දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහත්තයා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගිහින් ඉල්ලීමක් කරනවා, ‘දමිළ ජනතාව අනාරක්ෂිතයි, ඔවුන්ට ආරක්ෂාව සලස්වන්න’ කියලා. දෙමළ ජනතාව අනාරක්ෂිත වෙලා සිටියේ ගෙවී ගිය අවුරුදු හතරහමාර තුළයි. උතුරේ එදා තිබුණු ‘ආවා කල්ලි’ අද තිබෙනවාද? අද උතුරේ ආයුධ සන්නද්ධ කල්ලි තිබෙනවාද? උතුරේ ජනතාවගෙන් ඇහුවොත් ඔවුන් කියාවි ‘අද ඒ අවුරුදු හතරහමාරට වඩා අපි සුරක්ෂිතයි’ කියලා. කොරෝනා වැනි වසංගතයක් ගෙවුණු අවුරුදු හතරහමාර තුළ ආවා නම් ඒක කොතැනින් නතර වෙයිද? අද අපි ‘වහපු පාසල් ටික නැවත විවෘත කරලා දරුවන් පාසල් යවන එකම රට’ බවට පත්ව තිබෙනවා. ඒ තමයි සුරක්ෂිතභාවය. විදෙස් රටවලට ගතු කියලා සම්බන්ධන්ලා ආයෙත් බලනවා බාහිර ඇඟිලි ගැසීම්වලට ඉඩ හදා දෙන්න.”

මෙම අවස්ථාවට ජානිපෙ කැස්බෑව ආසන සංවිධායක, නාගරික මන්ත්‍රී වන අතුල සේනානායක, නාගරික මන්ත්‍රී රංජිත් පත්මසිරි, බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img