Saturday, May 2, 2026
HomeNEWSLatest Newsපෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නොවැම්බර් 17 ට පෙර ජනතා අයිතියට.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නොවැම්බර් 17 ට පෙර ජනතා අයිතියට.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නොවැම්බර් 17 ට පෙර ජනතා අයිතියට.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නොවැම්බර් 17 වැනිදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරුන්ගේ උපදෙස් පරිදි කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ කොටුවේ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වී මේ වසරේ නොවැම්බර් 17 වැනිදාට වසරක් ගතවෙන බවත් ඊට පෙර පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය. පසුගිය වසර 4 1/2 තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පසුබැසීමක් තිබුණු නිසා නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති ද විශාල වශයෙන් අඩාලව තිබුණු බවත්, පෙන්වා දුන් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ කිසිදු පසුබෑමක් සිදු නොවන බවයි. සංවර්ධන ව්‍යාපෘති නිසි වේලාවට අනිවාර්යෙන්ම අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ කොළඹ මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමෙන් පසුව කොළඹ මැනිං වෙළඳපොළ පිහිටි භූමියෙන් ප්‍රයෝජන රැසක් ලබා ගැනීමට දැනටමත් සැලසුම් කර තිබෙන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන්නේ රථවාහන තදබදයට ද විසඳුමක් ලැබෙන ලෙස කොළඹ මැනිං වෙළඳපොළෙහි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවන ලෙසයි.

කොටුව දුම්රිය ස්ථානය ද සම්බන්ධ වන සේ කොළඹ මැනිං වෙළෙඳ සංකීර්ණය පිහිටි භූමියේ සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් වශයෙන් හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2015 ට පෙර පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.

මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කළේ ද එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවය.

එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2016 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 15 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වන්නේය.

වෙළඳසැල් 1,142 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room) ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය මඟින් වෙළඳ මහතුන්ටත්, පාරිභෝගික ජනතාවටත් පහසුකම් රැසක් සැලසෙන බවයි.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතියේ සියළුම ඉදිකිරීම් කටයුතු සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් සිදු කරනු ලබන්නේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ (CCB) ආයතනයේ ඉංජිනේරුවරුන් හා වාස්තු විද්‍යාඥයින් විසිනි. 

ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය ප්‍රකාශ කරන්නේ වෙළඳ මහතුන්ගේ හා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මෙම පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය නිර්මාණය කරමින් පවතින බවයි.

කොළඹ මැනිං වෙළඳපොළ කඩිනමින් පැලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය වෙත ගෙන යාමට කටයුතු කිරීම ගැන කොළඹ මැනිං වෙළඳපොළේ දැනට වෙළදාම් සිදු කරන වෙළඳ මහතුන් දැඩි ප්‍රසාදය පල කරති.

නාගරික සංවර්ධන අධිකාරියේ සහාපති හර්ෂාන් ද සිල්වා, ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ඩබ්ලිව්.ද. සොයිසා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එම් පියතිස්ස යන මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු සහ රාජ්‍ය නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img