දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (01) දිනයේ දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.
බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.
උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.
අද (01) දින දහවල් 12:10 ට නොච්චියාගම, යාලේගම, ගල්කුලම, සියඹලෑව, නිතුල්ගොල්ලෑව සහ වෙරුගල් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.






















