Friday, October 30, 2026
HomeNEWSLatest Newsමංගල සමරවීර එල්ටීටීඊයට සම්බන්ධ පිරිසකගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට මැදිහත් වූ...

මංගල සමරවීර එල්ටීටීඊයට සම්බන්ධ පිරිසකගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට මැදිහත් වූ බව බුද්ධි අංශ නිලධාරියෙක් කියයි

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති,  එල්. ටී. ටී. ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 338 දෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඍජුවම කටයුතු කර ඇතැයි බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ෂම්මි කුමාරරත්න මහතා අද (03) ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

කර්නල් ෂම්මි කුමාරරත්න මහතා සඳහන් කළේ, 2014 වසරේ දී  එම අසාදුගත ලේඛනයට පුද්ගලයින් 424 දෙනෙකු ගේ නම් සහ එල්. ටී. ටී. ඊ සංවිධානයට අනුබද්ධිත සංවිධාන 16ක් ඇතුළත්ව තිබූ බවය.

2015 වසරේ දී යාවත්කාලීන කරන ලද අසාදු ලේඛනයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා ගේ සෘජු බලපෑම මත පුද්ගලයින් 269 දෙනෙකුගේ නම් සහ එල් .ටී .ටී. ඊ සංවිධානයට අනුබද්ධිත  ආයතන 08 ක් ඉන් ඉවත් කර ඇති බව ෂම්මි කුමාරරත්න මහතා කොමිසමට පෙන්වා දුනි.

ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කළේ   2016 දී යාවත්කාලීන කරන ලද අසාදු ලේඛනයේ නම් සංඛ්‍යාව 86 දක්වා අඩු කිරීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත්තේ සිය පෞද්ගලික හිතවත්කම් මත බවය.

දීර්ඝ අධ්‍යනයකින් අනතුරුව රාජ්‍ය බුද්ධි අංශ විසින් සකස් කරන ලද එම අසාදු ලේඛන ඉවත් කිරීමට දේශපාලන බලාධිකාරිය එලෙස කටයුතු කිරීම රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී කර්නල් ෂම්මි කුමාරරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img