බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් 2 කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබේ.
ඒ, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිළධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
එහිදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
ඒ අනුව, බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් 22ක් විය විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් මහතා පැවසීය.
එමෙන්ම කිසිදු බිත්තර හිඟයක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.






















