පුවරසන්කුලම් අර්බානගර් ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුවරසන්කුලම් පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන් පුවරසන්කුලම්, ගම්පහ, කඩවත, අතුරුගිරිය, කටුනායක, වේයන්ගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පුවරසන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.






















