Sunday, November 15, 2026
HomeNEWSLatest Newsආරක්ෂක ලේකම් ලියු කෘති 02ක් ජනපති අතට ....

ආරක්ෂක ලේකම් ලියු කෘති 02ක් ජනපති අතට ….

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “පාතාලයෝ” නවකතාව සහ “ගෝඨාභය” ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබීය.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොටගෙන “පාතාලයෝ” නවකතාව රචනා කර තිබේ. “ගෝඨාභය” සිංහල කෘතිය පසුගිය වසරේ එළිදුටු අතර මෙවර එහි ඉංග්‍රීසි අනුවර්තනය එළිදැක්විණ.
කෘති ද්විත්වය දොරට වැඩුම අද (06) පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලවේ දී සිදු විය.
කමල් ගුණරත්න මහතා විසින් මීට පෙර  “රණමග ඔස්සේ නන්දිකඩාල්” නමින් සිංහල භාෂාවෙන් ද එහි ඉංග්‍රීසි අනුවර්තනය “Road To Nandikadal” ඇතුළුව  “කඩොල් ඇත්තු”  “උත්තර දේවි” “ගෝඨාභය” යන කෘති 05 රචනා කර තිබිණ. “පාතාලයෝ” සහ “GOTABAYA” ඉංග්‍රීසි අනුවර්තනය ඔහු විසින් රචනා කරන ලද     06 වැනි සහ  07 වැනි ග්‍රන්ථ ද්විත්වයයි.
කෘති ද්විත්වයේ පළමු පිටපත් කමල් ගුණරත්න මහතා  ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය  වෙත පිළිගැන්වීය.
අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත කෘති පිළිගන්වන ලදි.
කමල් ගුණරත්න මහතා සිය හමුදා ජීවිතයේ ගුරුවරුන් ලෙස සලකන මව්බිම වෙනුවෙන් යුද බිමේදී සිය ජීවිත පූජා කළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජනරාල් විජය විමලරත්න මහත්වරුන් වෙනුවෙන් එම මහත්මීන්  වෙත ද කෘති පිටපත් පිළිගැන්විණි.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා උත්සවයේ ප්‍රධාන දේශනය කළේය.
කතුවරයා හඳුන්වාදීම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ සිංහල භාෂාව පිළිබඳ ආචාර්යවරයෙකු වන විශ්ව රාජපක්ෂ මහතා විසින් සිදු කෙරිණ.
කමල් ගුණරත්න මහතාගේ ජන්ම දිනය ද අදට යෙදී තිබිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, සරත් වීරසේකර, නාලක ගොඩහේවා  යන අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, හිටපු හමුදාපතිවරු, වත්මන් හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

(ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් – ජනාධිපති මාධ්‍ය අංශය) 
ජනාධිපති මාධ්‍ය අංශය
2020-09-06

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img