Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමඟ පැවැති සාකච්ඡාව

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමඟ පැවැති සාකච්ඡාව

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව
රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව ගරු
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.07 දින පැවසීය.
ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන එච්.සී.එල් (HCL)
ටෙක්නොලොජීස් හි පළමු ගෝලීය බෙදාහැරීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ
කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ
මන්දිරයේදී මේ බව අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ කතාව මෙසේය,
එච්.සී.එල් ටෙක්නොලොජීස් සිය පළමු ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ
ආරම්භ කිරීමේ අවස්ථාවට ඔබ හා එක්වීමට ලැබීම මහත් සතුටක්. ජාතියක්
වශයෙන්, එච්.සී.එල් වැනි බහුජාතික තාක්‍ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම
අපට ගෞරවයක්. එපමණක් නොව, මෙම මධ්‍යස්ථානය අපගේ තරුණ තරුණියන්ට
ලබා දෙන අවස්ථාවන්ට ස්තූතිවන්ත වෙමි.
ඔබ දන්නා පරිදි, නව රජය දැනුම හා තාක්ෂණය පදනම් කර ගත් සමාජයක් ඔස්සේ
ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා තොරතුරු
හා සන්නිවේදන තාක්ෂණ අංශයට ප්‍රමුඛතාවය දී තිබෙනවා.
අපගේ දැක්ම ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් පුළුල් ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක්
යටතේ ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක්
පිහිටුවීම, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත්
බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටී.

නිවේදන අංක – 59 (s)
2020.09.07

එවැනි පසුබිමක අද මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භවීම විශාල වැදගත්කමක්
දරනවා. එච්.සී.එල්. ටෙක්නොලොජීස් වැනි ගෝලීය තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ශ්‍රී ලංකාවට සම්පතක්. ශ්‍රී ලංකාව “නැවත ව්‍යාපාරයට”
පැමිණ ඇති බව මුළු ලෝකයටම එය ප්‍රබල පණිවිඩයක්.
එච්.සී.එල්. ටෙක්නොලොජීස් හි කළමනාකාරිත්වයට සුබ පැතීමට සහ මෙම වැදගත්
උත්සාහය සඳහා මාගේ සුබ පැතුම් පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ශ්‍රී ලංකා
ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, එච්.සී.එල්. නිර්මාතෘ ශිව් නාඩාර්,
එච්.සී.එල්. සභාපති හා විධායක නිලධාරී විජයි කුමාර්, මහත්වරු හා ලොව පුරා
විසිරී සිටින එච්.සී.එල්. ටෙක්නොලොජීස් හි විධායක නියෝජිතයින් ඇතුළු පිරිසක්
එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img