Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපළතුරු - එළවළු - වීදුරු භාණ්ඩ අසුරන්න පරිසර හිතකාමී - ප්‍රත්‍යස්ථතාවෙන් යුත්...

පළතුරු – එළවළු – වීදුරු භාණ්ඩ අසුරන්න පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි!

පළතුරු – එළවළු – වීදුරු භාණ්ඩ අසුරන්න පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි!

දැඩි සත්කාර ඒකක Computer in Wheels උපාංගය මෙරටදීම නිපදවූ සොයුරන්ටද අතහිත!

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ ඊට අයත් ජාතික කඩදාසි සමාගම, කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

අද (07) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති කර්මාන්තකරුවන්ගේ දිනයේ දී උදය ගුණරත්න මහතා තමන් හමු වී සිය නව නිපැයුම ප්‍රචලිත කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ දී ඒ මහතා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

එසේම මොරටුව D Creation ආයතනයේ හිමිකරු පසිඳු විදුෂාන් පෙරේරා මහතා ද තම ආයතනය විසින් නිෂ්පාදිත දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන මෙතෙක් පිටරටින් ආනයනය කළ Computer in Wheels නැමැති උපාංගය කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කිරීම ද අද කර්මාන්ත දිනයේ දී සිදු විය. ආනයනික මිලට වඩා ඉතා අඩු මුදලකට ‘Made in Sri Lanka’ වගකීම යටතේ දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙම උපාංගය අලෙවි කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉල්ලා සිටි නව නිපැයුම්කරු පසිඳු ලක්ෂාන් මහතාට විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඒ සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවය.

අද දිනයේ තමන්ගෙන් සිය කර්මාන්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හා සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සියලු කර්මාන්තකරුවන් කැඳවා ඔවුනට කඩිනමින් සහන සැලසීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img