කලාව, ජනමාධ්‍ය හා සෞන්දර්යය ක්ෂේත්රයේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනය නවීන ලෝකයට ගැලපෙන අයුරින් ගොඩනගන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
මධ්‍යකාලීන කෙටි කාලීන හා දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙල සෞභාග්‍යයේ ඉදිරි දැක්ම සමඟ ක්‍රියාවට නන්වන බැව් ඒ මහතා කීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි ප්‍රථම නිරීක්ෂණ චාරිකාව ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බැව් කීය.
විශේෂයෙන් මාධ්‍ය, කලාව, සෞන්දර්යය යන විෂය ක්ෂේත්රයන් සඳහා මේ වන විට විශ්ව විද්‍යාල ඇතුළු විවිධ ආයතන යම් යම් පාඨමාලා පවත්වන බවත් ඉදිරියේදී ඒ සියල්ල සඳහා විධිමත් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය ස්ථාපිත කරන බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
ජර්මන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවුණු ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර පණහකට එහා දීර්ඝ ඉතිහාසයක් පවතින අතර වැඩිහිටි අධ්‍යයන ආයතනයක් ලෙස මේ වන විට මෙය ප්‍රමුඛතාව ලබා දී තිබේ.
ප්‍රධාන ශ්‍රවණාගාර දෙකක්, දේශන ශාලා දහයක්, නේවාසිකාගාර කාමර 33 න් හා නවීන භෝජනාගාරයකින් සමන්විත මෙහි ව්‍යායාම් මධ්‍යස්ථාන, ශබ්දාගාරයන් ඇතුළු අංග රැසකින් ස්ථාපිතව ඇත. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති අධිනීතීඥ චම්පිකා අමරසේකර, එහි වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් විමාලි විජේවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ






















