යාබද ඉඩමක කපමින් තිබූ සියඹලා ගසකට යටවී මීගහකිවුල, කෙසෙල්වත්ත ප්රදේශයේ 11 හැවිරිදි දරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (08) දහවල් 12.30ට පමණ එම අනතුර සිදුව ඇති බව කන්දකැටිය පොලීසිය පැවසීය.
එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගහකිවුල, කෙසෙල්වත්ත ගම්මානයේ පදිංචි “චමිත් උදයකුමාර“ නැමැති වයස අවුරුදු 11ක දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






















