කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ නිට්ටඹුව, කලල්පිටිය ප්රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී අද (08) උදෑසන එම අනතුර සිදුව ඇත.
අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ 37 සහ 45 හැවිරිදි ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















