සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “දෙමටගොඩ චමින්ද“ගේ සහායකයෙකු වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නමැත්තා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ හෙරොයින් ග්රෑම් 05 ක් සමග අලුත්කඩේ ප්රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇති බවය.
මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ඒ අතරින් සැකකරුවන් 174 දෙනෙකු හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ සහ සැකකරුවන් 105 දෙනෙකු ගංජා ළඟ තබාගැනීමේ යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවය.






















