Sunday, November 15, 2026
HomeNEWSLatest Newsනැව හිමි සමාගමට ශ්‍රී ලංකාවෙන් දැනුම්දීමක්

නැව හිමි සමාගමට ශ්‍රී ලංකාවෙන් දැනුම්දීමක්

ගිනි ගැනිමට ලක් වූ “MT New Diamond“නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ දැනුම්දීම සිදුකරන බවය.

ගිනි ගැනිමට ලක් වු නෞකාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඊයේ දිනයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවිය.

එහිදී අදාළ නෞකාවෙන් පිටවන ඉන්ධන මඟින් මුහුදු තීරයට සිදුවන හානිය වළක්වා ගැනිමට කඩිනම් පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරන නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

මේ අතර ඒකාබද්ධ කිමිදුම්කරුවන් යොදා නෞකාවේ සිදුව ඇති ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

පැනමා ධජය යටතේ ලියාපදිංචි කර ඇති “MT NEW DIAMOND“නෞකාව කුවේට්හි මීනා අල්-අහමඩි සිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරදිප් නම් වරාය වෙත තෙල් රැගෙන එමින් තිබිය දී ගිනි ගැනීමකට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img