Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකසළ තේ අපනයනය පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින් ඇද්දැයි විමර්ශන

කසළ තේ අපනයනය පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින් ඇද්දැයි විමර්ශන

කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම පිටුපස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් සිටින්නේ ද යන්න පිළිබඳව සොයා බලන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති තොරතුරු මත අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවය.

කුරුඳු අපනයනය කරන මුවාවෙන් කසළ තේ ඉරාකයට අපනයනය කිරිමේ චෝදනාව මත රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔවුන් විසින් කසළ තේ බහලුම් 65ක් ඉරාකයට අපනයනය කර ඇති බවය.

මීට පෙර සිදුකළ විමර්ශනවල දී ද කසළ තේ බහලුම් 252ක් ඉරාකයට අපනයනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම කසළ තේ අපනයනය කරන ජාවාරම්කරුවන්ට එම තේ ලැබෙන ආකාරය සම්බන්ධයෙන් රේගු අවදානම් කළමනාකරණ ඒකකය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

එහිදී අනාවරණය වී ඇත්තේ තේ පිරිපහදු කිරීම සඳහා තේ මණ්ඩලයෙන් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයෙකු ද මෙම කසළ තේ ජාවාරම්කරුවන්  පිටුපස සිටින බවය.

අදාළ බලපත්‍රලාභි පුද්ගලයා විසින් අපනයනය කිරීම සඳහා කසළ තේ ප්‍රවාහනය කර ජාවාරම්කරුවන්ට ලබා දී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පිරිපහදු කිරීම සඳහා ලබා ගන්නා තේ පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතුරු වන කොටස තේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීම සිදුකළ යුතු වුවත් එලෙස විනාශ නොකර අපනයනය කර ඇති බව වාර්තා වේ.

එම නිසා මෙම කසළ තේ ජාවාරමට තේ මණ්ඩලයේ නිලධාරින්ගේ ද සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා රේගු අවදානම් කළමනාකර ඒකකයේ නිලධාරින් විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ සිදුවිම සම්බන්ධයෙන් “අද දෙරණ“ වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව තමන් ද විමර්ශනයක් සිදුකිරීමට සූදානම් බවය.

මෙම ජාවාරමට තේ මණ්ඩලයේ නිලධාරින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img