“මේ රටේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතුයි”
අගරදගුරු හිමියන් ඇමති විමල්ට කියයි
පසුගිය අඟහරුවාදා ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ කොළඹ අගරදගුරු නිල නිවසේ දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටහ. මෙම අවස්ථාවට ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, වරාය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු එක්ව සිටියහ.
ජානිපෙ නායකයන් සුහදව පිළිගත් අගරදගුරු හිමිපාණෝ ඔවුන් සමඟ පැයකට අධික කාලයක් සාකච්ඡාවක නිරත වූහ. මෙහි දී රටේ වත්මන් තත්වය පිළිබඳවත් රට තුළ කර්මාන්ත ප්‍රවර්ධනය සිදු විය යුතු අන්දම පිළිබඳවත් මූලික වශයෙන් අදහස් හුවමාරු වී තිබිණි. එහි දී පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දිනවල සිදු කෙරෙන විමර්ශනයන් පිළිබඳව අගරදගුරු හිමිපාණන් අදහස් දක්වා තිබුණේ “පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව සිදු කෙරෙන විමර්ශන පිළිබඳව අපි ඉතා විමසිල්ලෙන් පසුවනවා” යනුවෙනි.
එසේම “වත්මන් රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද අපි ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා. විශේෂයෙන් මේ රටේ අනන්‍යතාවට, ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතුයි.” යනුවෙන් ද කාදිනල්තුමන් විමල් සහ ජයන්ත යන ඇමතිවරුන්ට පවසා තිබිණි.






















