Wednesday, June 3, 2026
HomeNEWSLatest Newsඋසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය ගැන ඉඟියක්

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය ගැන ඉඟියක්

2019 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ලබන මස මුල් සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වු බවය.

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් කෙරුණු අතර විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීම සඳහා වන ඉසෙඩ් ලකුණු මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් උසස් පෙළ සමත් වූ සිසුන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ අදාළ කඩඉම් ලකුණු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img