Friday, September 4, 2026
HomeNEWSLatest Newsනාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කපිල සමරවීර පත් කෙරේ

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කපිල සමරවීර පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර තිබේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙතින් අද (14) අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. 

රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා දෙහිවල මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. 

ඔහු 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය. 

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ අප්‍රේල් 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාළාව 1987 දී පාකිස්තානයේදී හදාරා ඇත. 

එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2016 අගෝස්තු මස 23 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img