Saturday, October 24, 2026
HomeNEWSLatest Newsදියසෙන්’ ඇමති විමල්හමුවට

දියසෙන්’ ඇමති විමල්හමුවට

’දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයාඃ දියසෙන්’ ඇමති විමල් හමුවට…

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

මේ පිරිස අමාත්‍යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද සමගිනි. එහි ක්‍රියාකාරීත්වය විමසා බැලූ අමාත්‍යවරයා එම රොබෝ යන්ත්‍රයට දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ගත හැකි සියලු පියවර ගන්නා බව පැවසීය. එසේම එම නව නිර්මාණකරුට ඒ මොහොතේදීම ආයෝජකයකු සම්බන්ධ කර දීමට පියවර ගත් අමාත්‍යවරයා රාජ්‍ය බැංකුවක් සම්බන්ධ කර දෙමින් ඔවුනට තම රොබෝ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දීමට මූල්‍ය පහසුකම් සපයා ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබීය.

‘අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක්’

දුරකථනයෙන් විදුලි උපාංග කිහිපයක් එකවිට ක්ෂණිකව පාලනය කළ හැකි අධි යාන්ත්‍රික දුරස්ථ පාලකයක් (Duplex Device) නිපද වූ පාදුක්ක පදිංචි නිලන්ත ගුණසිංහ මහතා ද සිය නව නිර්මාණය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට හඳුන්වා දීම ද අද කර්මාන්තකරුවන්ගේ දිනයේ දී සිදුවිය.

සිය අධියාන්ත්‍රික දුරස්ථ පාලකය මගින් ඕනෑම ක්ෂේත්‍රයක යන්ත්‍රයක්, ඕනෑම දුරකථනයක් ආධාරයෙන් පමණක් දුරස්ථව පාලනය කළ හැකි බව මෙහි දී අදහස් දැක්වූ නිලන්ත ගුණසිංහ මහතා සඳහන් කළේය. දුම්රිය ආරක්ෂක දොරටු පාලනයට ධීවර කර්මාන්ත පොකුණුවල ජල සැපයුම් ක්‍රියාවලිය පාලනය සංචාරක හෝටල් කර්මාන්තය සඳහා කෘෂිකාර්මික වගා බිම් සඳහා වන ජල සැපයුම් පාලනයට, වන අලි උවදුරු ඇති ප්‍රදේශවල විදුලි රැහැන් පාලනයට මෙන්ම නිවෙස් ආරක්ෂණ පිළියමක් ලෙස ද තම අධියාන්ත්‍රක දුරස්ථ පාලකය යොදා ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉහත නව නිපැයුම සඳහා වෙළඳපොළ නිර්මාණය කර දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. ප්ලාස්ටික් යෝගට් හැන්දට ආදේශකයක් ලෙස දැව යෝගට් හැන්දක් වෙළඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි එහි නිපැයුම්කාරිනී නිලූකා මුතුතන්ත්‍රී මහත්මියට ද අදාළ නිලධාරීන්ට යොමු කර අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිවරයා පියවර ගනු ලැබීය.

එසේ නව නිපැයුම්කරුවන් මෙන්ම කර්මාන්තකරුවන් විශාල පිරිසක් ද අද කර්මාන්ත අමාත්‍යවරයා හමුවූයේ සිය ගැටලු, දුෂ්කරතාවලට පිළියම් බලාපොරොත්තු වෙනි. ඔවුනට ද සවන් දෙමින් අදාළ අවශ්‍යතා සපුරා දීමට අමාත්‍යවරයා මැදිහත් විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්

කර්මාන්ත අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img