සංගීතය ඉගෙන ගන්න කුඩා කල සිටම ඇතැම් දරුවන් විශේෂ උනන්දුවක් දක්වයි.
මේ පුවත සංගීත භාණ්ඩ නොමැතිව සංගිතය නමැති විශ්ව භාෂාව හදාරන්න උත්සාහ ගන්නා දුෂ්කර පාසලක දරුවන් පිරිසක් පිළිබඳවය.
කාඩ්බෝඩ් මත ස්වර සටහන් කරගත් සිසුන් ඒ හඬ ඔස්සේ සිය ඇඟිලි තුඩු හසුරුවමින් සංගීතය ඉගෙන ගනී.
“අපිට සර්පිනා ගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේ වගේ ඒවා හදාගෙන පුරුදු වෙනවා”
“අපිට සංගීත භාණ්ඩ මදි. අපි එත් පසුතැවෙන්නේ නෑ”
එසේ පැවසුවේ ඒ අපූරු සංගීත පන්තියේදී හමු වූ සිසුවෙක් සහ සිසුවියකි.
මෙම සිසුන් සංගීත අංශයෙන් සමස්ත ලංකා තරඟ සඳහා ද සහභාගි වී තිබේ.
සංගීතයට කොපමණ දක්ෂ වුවත් සංගීතය ඉගෙන ගැනීමට කාමරයක්වත් නැති නිසා ගුරු නේවාසිකාගාරය අද ඔවුන්ගේ සංගීත කාමරය බවට පත් වී ඇත.
අඩු පාඩු රැසක් මැද අධ්‍යාපන හදාරන මේ පාසැලේ සිසුන්ට පානීය ජල පහසුකම්, විද්‍යාගාර පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ පමණක් නොව ක්‍රීඩා පිටියක් හෝ නොමැත.
එක ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මෙම විදුහලේ සිසුන් 165 දෙනෙකු ඉගෙනුම ලැබුවත් එහි ප්‍රමාණවත් පංතිකාමර පහසුකම් නැත.
මේ සම්බන්දයෙන් අදහස දැක්වු දෙමව්පියන් පැවසුවේ, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරමින් සැදු මඩුවක සිසුන් පිරිසක් ඉගෙනීම් කටයුතු සිදු කරන බවය.
තවත් පිරිසක් ගස් යට ඉගෙනීම් කටයුතු සිදුකරන අතර වැසි කාලයට එයත් ඉතා අසීරු කටයුතුත්තකි.
විදුහලේ අඩුපාඩු සම්පූර්ණකර දෙන්නේ නම් එය සිසුන්ට මහත් උපකාරයක් බව දෙමාපියන් පැවසීය.
ඔවුන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ දරුවන්ගේ හැකියාවන් අර “කැලේ පිපිලා කැලේට පරවෙලා යන මල් බවට පත්වෙන්න,” ඉඩ දෙන්න එපා යනුවෙනි.






















