සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි තුන ඉක්මවා ගොස් තිබේ. ඒ ආසාදිතයින් 30,030,839ක් ලෙසය.
මේ වන විට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 945,051 දෙනෙක් ලෙස වාර්තා වේ.
ලොව පුරා පුද්ගලයින් 21,797,918 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.
ඊයේත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර, ඒ ආසාදිතයින් 97,859 ක් ලෙසය.
ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5,115,893ක් වන අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 83,230කි.
කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ලවූ රටවල් 10 න් 5 ක්ම ලතින් අමෙරිකානු රටවල් ය.
ලතින් අමෙරිකාවෙන් පමණක් අද වන විට ආසාදිතයන් ලක්ෂ 72කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේදී පමණක් එම කලාපයෙන් නව ආසාදිතයන් හැට අටදහස ඉක්මවූ ප්‍රමාණයක් හඳුනාගෙන තිබුණි.
එවන් පසුබිමක ලතින් අමෙරිකාවේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත්කිරීම සඳහා තවමත් කල්වැඩි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එම කලාපයට දැඩි කොවිඩ් පාලන මැදිහත්වීම් තවදුරටත් අවශ්‍ය කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.






















