Friday, August 14, 2026
HomeNEWSASP එරික් සම්බන්ධයෙන් යැවූ ලිපිය ගැන රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ ප්‍රතිචාරය

ASP එරික් සම්බන්ධයෙන් යැවූ ලිපිය ගැන රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ ප්‍රතිචාරය

ASP එරික් සම්බන්ධයෙන් යැවූ ලිපිය ගැන රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ ප්‍රතිචාරය

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා තමා යැවූ ලිපිය සහ ඔහුගේ මාරුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ, රාජ්‍ය අමාත්‍යවරයා විසින් අද (01) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව පැවසීය.

මතභේදයට තුඩුදී ඇති අදාළ නිලධාරියාගේ ස්ථානමාරුව පිළිබඳ පුවත සම්බන්ධව ඔහු එහිදී ප්‍රතිචාර දැක්වීය. 

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සහ වෙන්නප්පුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් මැඬලීම සඳහා ඔහු පිහිටුවා තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන්ටද ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එම නිලධාරියා පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා යැවූ ලිපියක් සහ ඔවුන්  දෙදෙනා අතර ඇති වූ සංවාදයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර “අද දෙරණ“ එම පුවත ඊයේ (31) වාර්තා කළේය.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර සිදු කෙරුණු ස්ථාන මාරුවට අනුව මේ වනවිට එරික් පෙරේරා මහතා මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img