Friday, September 11, 2026
HomeNEWSIMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවධානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගවලට ලක්ව සිටින බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එහි විධායක කමිටු අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය එම අදහස් පළ කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඊයේ (20) අනුමැතිය ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම, දිළිඳු හා අවදානමට ලක්විය හැකි අය මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම හා වර්ධන විභවයන් ශක්තිමත් කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දී ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිංස්කරණ අවශ්‍ය බව එහි කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පෙන්වා දෙයි.

දුප්පත් හා අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ආදායම් මත පදනම් වූ මූල්‍ය එකඟතාවක් අවශ්‍ය වන අතර ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යා යුතු බව ඇය පෙන්වා දෙයි.

ප්‍රධාන නිල ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ නිශ්චිත සහ විශ්වසනීය මූල්‍ය සහතික ලබාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුග්‍රහය දක්වන වැඩසටහනට අනුකූලව ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනමින් ප්‍රගතියක් ලබාගැනීම බලධාරීන්ට සහ ණය හිමියන්ට වැදගත් වන බව ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීම සඳහා උත්සහයන් අඛණ්ඩ පැවතිය යුතු බව ද ඇය සිය ප්‍රකාශය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img