Wednesday, November 11, 2026
HomeNEWSNMRA දත්ත මැකියාම - පෞද්ගලික ආයතනයක ප්‍රධාන නිලධාරියෙක් අත්අඩංගුවට

NMRA දත්ත මැකියාම – පෞද්ගලික ආයතනයක ප්‍රධාන නිලධාරියෙක් අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත කළමනාකරණය කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යම් දත්ත ප්‍රමාණයක් මැකි යාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුළුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම මීට පෙර පැවසීය.

ඖෂධ නියාමනය හා සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයාත්, අධිකාරියේ සභාපතිවරයාත් ප්‍රකාශ කළේ මැකී ගිය දත්තවලට අදාළ මුල් පිටපත් සුරක්ෂිතව පවතින බවය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු මෙරට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ ඔසුසැල්වලට අදාළ බලපත්‍ර නිකුත්කිරීම ආදි සියලු කටයුතු නියාමනය සිදුකරන ආයතනය වෙයි.

අති සංවේදී බැවින් එම කටයුතුවලට අදාළ සියලු තොරතුරු එහි ඩිජිටල් දත්ත පද්ධතියට ඇතුළත් කොට සුරක්ෂිත කෙරේ.

එම පද්ධතියේ ඇතුළත් යම් දත්ත ප්‍රමාණයක් මැකී ගොස් ඇතැයි ඉකුත් ජූලි මසදී අනාවරණය වූ අතර එය යම් පාර්ශ්වයක කුමන්ත්‍රණයක් බවට විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ම චෝදනා එල්ල වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img