Sunday, November 8, 2026
HomeNEWSQR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන් මෙන්න

QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන් මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක හෙට (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතය.

එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව හෙට දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින්.

මේ අතර සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට දිවයිනපුරා ආරම්භ කෙරේ.

ඒ අනුව දින ගණනාවකට පසු සිපෙට්කෝ පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරිම හෙට සිට යළි ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0,1,2 වන වාහන සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා ද , අවසන් ඉලක්කම 3,4,5 වන වාහන සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

එමෙන්ම ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 6,7,8 සහ 9 වන වාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවය.

මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස් වෙත ඉන්ධන ලබා නොදීමටත් ඊට අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් නොකිරීමටත් තීරණය කර ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img