Monday, November 9, 2026
HomeNEWSඅරගලය ගැන නව ජනපතිගෙන් ප්‍රකාශයක්

අරගලය ගැන නව ජනපතිගෙන් ප්‍රකාශයක්

වත්මන් ක්‍රමය වෙනස් කිරීම හරහා තරුණ අදහස්වලට ඇහුම්කන් දියයුතු බව පාර්ලිමේන්තුවෙන් තේරීපත්වූ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවෙන් තේරීපත්වූ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා.

“මගේ බලාපොරොත්තුව, මේ රටේ තියෙන විවිධ පක්ෂ, පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන ඒවා එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කරන්න. රටේ ජනතාව අපෙන් අහන්නේ මේ කාලේ මේ කාලේ ගිහින් ඇයි අපිට එකට වැඩකරලා රට දියුණු කරන්න බැරි කියලා. අපි විරුද්ධවාදී දේශපාලනයේ යෙදෙන්නේ අන්තිමට රට නැති කරන්න ද? මේ ප්‍රශ්නය තරුණ අය අහනවා. ඒක වැදගත් ප්‍රශ්නයක්, මමත් ඒ ගැන හිතලා බලලා තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රමය වෙනස් කරලා ඒ තරුණ අදහස් අනික් අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕන.”

“අරගලය කිව්වේ ඇත්ත වශයෙන්ම අද තියෙන ක්‍රමවේදයට විරුද්ධව ගෙනයන අරගලයක්. මේක හැම අංශයෙන්ම වෙනස් කරන්න කියලා. ඒ නිසා සාමකාමී අදහස් දරණ අයට ඒ අදහස්වලට ප්‍රචාරය කරන්න අපි ඉඩදෙන්න ඕන, ඒවගේම අපිටත් පුළුවන් ඒවාට පිළිතුරු දෙන්න. නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. ඒ නිශ්ශබ්ද වෙලා ඉන්න අයගේ අදහසුත් අපි පිළිඅරගෙන ක්‍රියා කරන්න ඕන. ඒත් මේක මුවාවෙන් අරගලය කියන්නේ. ආණ්ඩුවක් පෙරළන්න, ගෙවල් ගිනිතියන්න, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අරගෙන යනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ඒක නීතියට විරුද්ධයි. එහම නීතියට විරුද්ධ අයට විරුද්ධව අපි ක්‍රියා කරනවා. අරගලය කියලා තරුණයන්ට අනාගතයක් හදන්න ඕන නම්. මම ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම සාමකාමී අයට දැම්මම කරලා තියෙනවා, අද සාමකාමී අය යටකරලා තියෙනවා. සාමකාමී අයට අදහස් ප්‍රකාශ කරන්න තව වේදිකාවක් හරි මම හදලා දෙන්නම්. ව්‍යස්ථාව අනුව අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් සහයෝගය තියෙන එක්කෙනෙක්, මගෙ පක්ෂයේ ඉන්නේ මම විතරයි, ඉතින් මට තෝරන්න බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img