Monday, September 21, 2026
HomeNEWSඅයවැය දෙකේදීම රැකියා විරහිත උපාධිධාරීන්ට දුන් පොරොන්දුව කඩ කරලා- විපක්ෂ නායක සජිත්

අයවැය දෙකේදීම රැකියා විරහිත උපාධිධාරීන්ට දුන් පොරොන්දුව කඩ කරලා- විපක්ෂ නායක සජිත්

*වත්මන් රජය අයවැය දෙකකදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පොරොන්දුව කඩ කර මානසික කෘරත්වයකට ලක් කරා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට බලය ලැබුණු පසු රැකියා ලබා දෙන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වී එය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවේ සඳහන් කළ බවත් ඒ අනුව උපාධිධාරීන් 20000කට ගුරු වෘත්තිය, විද්‍යා ගණිත තාක්ෂණ ඉංජිනේරුඋපාධිධාරීන් 3000කට ඒ ක්ෂේත්‍රයේ සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන 9000කට තොරතුරු තාක්ෂණ මෙන්ම රේගු විදේශ සේවා ආදී ලෙස රැකියා 3000ක් ලබා දෙන බවට වූ පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා සහ රජය අයවැය දෙකකදී කඩකර අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් රැකියා විරහිත උපාධිධාරීන් නැවත වරක් රැවටීමට ලක් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.*මේ ආකාරයට බොරු කියා උපාධිධාරීන් රැවටුවේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රැකියා විරහිත උපාධිධාරීන් ඇන්දවූයේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයේ දී පවා රැකියා දෙන බවත් ඇමතිකම් ලැබුණු පසු රැකියා දෙන බවට පවසන හඬපට, වීඩියෝ දර්ශන ආදි සියලු සාක්ෂි ඇති බවත් වත්මන් රජය උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හදා එම සංවිධානවලට ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.*උපාධි රැකියා 52000ක් තියා ගෙනයි රජය මේ රැවටිල්ල කරන්නේ*ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය රැකියා විරහිත උපාධිධාරීන්ට මේ අසාධාරණය කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් අයවැය කතාවේ දී මහන්තත්ව කමකින් උපාධිධාරීන් ආමන්ත්‍රණය කර ඇති බවත් අගමැතිවරයාගේ අමාත්‍ය මණ්ඩල සටහනක් අනුව 52000ක් උපාධිධාරී රැකියා තිබිය දී රැකියා විරහිත උපාධිධාරීන්ගේ කරපිටින් දේශපාලන බලය ලබා ගත් මේ අය රැකියා විරහිත උපාධිධාරින්ගේ දුක් ගැනවිල්ල පැත්තකට විසි කිරීම ඛෙදනීය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*මේක මානසික කෘරත්වයක්*ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කරන්නේ රැකියා විරහිත උපාධිධාරින් මානසික කෘරත්වයට ලක් කිරිම බවත් එවැනි මිලේච්ඡ දෙයක් නොකර මේ අයට රැකියා දෙන ලෙසත් මොවුන් වෙනුවෙන් විපක්ෂය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අමතර ප්‍රතිපාදන එකතු කිරීමට පරිපූරක ඇස්තමේන්තුවලට සහාය ලබා දෙන බවත් දැන්වත් මේ අයට රැකියා ලබා දෙන ලෙසත් මේ හිස් අයවැයට ශක්තියක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.*දැන්වත් රැවටුවා ඇති*දැන්වත් බොරුවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් රට පාලනය නොකරන ලෙසත් මැතිවරණ 3ක් පුරාවට සිදු කළ මේ පොරොන්දුව ඉටු කර මේ අයගේ බලාපොරොත්තු අභිලාෂ ඉටු කරන ලෙසත් මානසික කෘරත්වයට උපාධිධාරීන් ලක් නොකරන ලෙසත් මෙය රජයේ යුතුකම සහ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/hreTuB4qgLI?si=SqpEc1uBmSVmVG_o

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img