Wednesday, September 23, 2026
HomeNEWSආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරුකරන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා නගනවා. ඔහු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

ආණ්ඩුවේ ඇමතිවරුන් මහානායක හිමිවරුන් හමුවෙලා එළියට ඇවිල්ලා බොරු කියනවා. උන්වහන්සේලා නිකුත් කරපු නිවේදනය එළියට දාන්නේ නැත්තේ ඇයි? කවුද ඒකට බලපෑම් කරන්නේ.

කවුරු හරි මේකට බලපෑම් කරලා තියෙනවද? ලබන සතියේ හමුවීමට එනවා එතකං පොඩ්ඩක් මේක නතර කරන්න කියලා නායක හාමුදුරුවන්ට කවුරු හරි කිව්වද?

නැත්නම් හෙට උදේ අධිකරණ ඇමතිතුමා එනවා එතකම් නිවේදනය පිට කරන්න එපා කියලා නායක හාමුදුරුවන්ට කවුරු හරි කිව්වද ?

තවත් දෙයක් කියන්න තියෙනවා නියෝජ්‍ය ඇමතිවරයෙක් අධිකරණයට ජයවේවා කියලා පාර්ලිමේන්තුවේ අත්පුඩිගහනවා. ජනාධිපතිතුමා කිව්වම අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා ඒක නිසාද සමහර ඇමතිවරුන් අධිකරණයට ජය වේවා කියලා අත්පුඩි ගහන්නේ. මේවා තමයි අධිකරණයට කරන බලපෑම්. ඒක විවිධ අවස්ථාවල දකින්න තියෙනවා. යනුවෙන්ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img