Tuesday, September 22, 2026
HomeNEWSඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි පළමුවරට එළියට

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි පළමුවරට එළියට


අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය අනුග්‍රහය ලබන ‘මෙහර්’ (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මියයාමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් අනතුරුව මෙම වීඩියෝව නිකුත් කිරීම විශේෂත්වයකි.

තත්පර 12ක කෙටි වීඩියෝ පටයක් ලෙස මෙය නිකුත් කර ඇත. මොජ්තාබා කමේනි සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන අයුරු එහි දැක්වේ.

වීඩියෝවට අනුව ඔහු ඉතා සන්සුන්ව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිරූපණය වේ.

මෙම දර්ශන පටිගත කරන ලද නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img