Tuesday, September 8, 2026
HomeNEWSඊශ්‍රායලයෙන් බටහිර ඉවුරට නව ජනාවාස 19 ක්

ඊශ්‍රායලයෙන් බටහිර ඉවුරට නව ජනාවාස 19 ක්

ඊශ්‍රායල රජය සිය ජනාවාස පුළුල් කිරීමේ වැඩසටහන යටතේ බටහිර ඉවුරේ මේ වනවිට අල්ලාගෙන සිටින කොටසේ ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සමග එක්ව මෙම යෝජනාව රැගෙන ආ එරට අන්ත දක්ෂිණාංශිකයෙකු වන මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් පවසන්නේ, මෙම තීරණය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම අවහිර කිරීමක් බවය.කෙසේ වෙතත් බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ. ඊශ්‍රායලයේ මෙම තීරණය සෞදි අරාබිය හෙළා දැක ඇත.එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ‘නිර්දය’ ලෙස ජනාවාස ව්‍යාප්තිය ක්‍රියාත්මකකරන බවය.මෙම තීරණයෙන් පලස්තීන ජනතාවට ඉඩම් ලබාගැනීමේ හැකියාව සීමා කරන බවත්, ස්වෛරී පලස්තීන රාජ්‍යයක ශක්‍යතාවයට තර්ජනයක් බවත් මහලේකම්වරයා පවසයි.ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ නව ජනාවාස 22ක් මැයි මාසයේදී අනුමත කරන ලදී. එය දශක ගණනාවකට පසු විශාලතම ව්‍යාප්තිය වේ.මෙම ජනාවාස ව්‍යාපෘතියට විරෝධී කණ්ඩායම් පෙන්වා දෙන්නේ, බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස 160ක පමණ පදිංචිකරුවන් 700,000ක් පමණ ජීවත්වන බවය.එය අනාගත ස්වාධීන රාජ්‍යයක් සඳහා පලස්තීනුවන් සොයන භූමිය බව එම කණ්ඩායම් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img