Monday, September 14, 2026
HomeNEWSඊශ‍්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ජගත් මහා මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාව...

ඊශ‍්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ජගත් මහා මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 142 ක් පක්ෂව ඡන්දය දෙයි

ඊශ‍්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ජගත් මහා මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 142 ක් පක්ෂව ඡන්දය දෙයි; ඇමරිකාව ඇතුළු රටවල් 10 ක් විරුද්ධ වෙයි. පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී. එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 142 අතර ශ්‍රී ලංකාව ද සිටී. මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය දැරූ සෞදි අරාබිය සහ ප්‍රංශයට අපගේ අවංක කෘතඥතාව පළ කර සිටිමු. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට සහ එක්සත් ජාතීන්ගේ යෝජනාවන්ට අනුකූලව, රාජ්‍යත්වය සඳහා පලස්තීන ජනතාවට තිබෙන අහිමි කළ නොහැකි අයිතිය පිළිබඳව ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img