Tuesday, September 22, 2026
HomeNEWSපටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු!

-බලයට පෙර රට ගැන සිතමු!-
ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Free Operation Centre) ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ පටු දේශපාලනික බෙදීම් අමතක කර අප සියල්ලන්ම එකට බැද තබන්නාවු අප මව් බිමේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙත නැවත කැප වන ලෙසටය.

ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය වන්නේ පුළුල් සහභාගීත්වයෙන් සහ ජනතාවගේ සාමූහික හඬින් බව අපගේ පරම විශ්වාසයයි.

පුරවැසියන්ගේ සාමූහික ක්‍රියාමාර්ග අධෛර්යමත් කිරීමට හෝ මහජන අදහස් ප්‍රකාශ කිරීමේ විෂය පථය සීමා කිරීමට මෑතකදී යම් උත්සාහයන් තිබෙන බව අප නිරීක්ෂණය කරන නමුදු, ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය සැමවිටම රඳා පැවත ඇත්තේ තම අයිතිවාසිකම් පිළිබඳ පුරවැසියන්ගේ නොබිඳෙන දැනුවත්භාවය මත යයි අප තරයේ විශ්වාස කරන්නෙමු.

සැබෑ පුරවැසි වගකීම පක්ෂ දේශපාලන බෙදීයාම්, ඒකාධිකාරී ප්‍රවණතා හෝ පුද්ගලික බල න්‍යාය පත්‍ර ඉක්මවා යන්නකි.

එම නිසා අප සාමූහිකය අවධාරනය කරන්නේ අපගේ අවධානය සැමවිටම රටේ ජනතාවගේ ජාතික අවශ්‍යතාවය මත රඳා පැවතිය යුතු බවය.

අප සටනට ප්‍රවිශ්ඨවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නිදහස ආරක්ෂා කර ගැනීමට නම්, එම සටන මහජන අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් සිදු කරන පටු බල දේශපාලනයක උත්සාහයක් ලෙස නොවිය යුතු අතර එය ජනතා අභිමතාර්ථයේ පවිත්‍ර අරමුණු ජයගැනීම සහතික කරනු ලබන මහජන එකමුතුවක ප්‍රතිපලයක් විය යුතුව තිබේ.

“22 ජන බලයෙන් පරදවමු!” යන බැනරය යටතේ සැප්තැම්බර් 24 දා පැවැත්වෙන මහජන විරෝධය සඳහා සහභාගී වීමට ඉදිරිපත් වන්නේ පසුගිය සැප්තැම්බර් 17 දා ජානකී හෝටලයේදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට පෙරට පැමිණ ඒ සදහා සපථ කරනු ලැබූ ශ්‍රී ලාංකික දේශපාලන සමාජයට අයත් පක්ෂ සහ සිවිල් සංවිධානයන්හි මෙහෙයවීමෙන් ඉදිරියට පැමිණෙන පුරවැසියන් බව මෙහිලා සිහිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකාව තවමත් තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව පූර්ණ ලෙස සංවේදී බවත්,ඒවා ආරක්ෂා කිරීමට දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටින බවත් 24 දින පැවැත්වෙන උද්ඝෝෂනය මගින් අපි රජයට සහ රජයට ආවඩන පාර්ශ්වකරුවන්ට හා ජවිපෙ ආණ්ඩුවේ පස්වැනි සේනාංකයන්ට පෙන්වා දෙන්නෙමු. 
සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම අගය කරන සෑම පුරවැසියෙක්ම එකමුතුව 24 දාට ඉදිරියට එන ලෙස අපි ඉල්ලා සිටිමු.

අපගේ හඬ සාමකාමීව,බලවත් ලෙස සහ සාමූහිකව නැගී සිටීමට සලස්වමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img