Tuesday, September 22, 2026
HomeNEWSඋතුරු නැගෙනහිරට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනපති කියයි

උතුරු නැගෙනහිරට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනපති කියයි

උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි – ජනපතිදෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැත්විණ. පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කළහ.එසේම, ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසුවේය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම් , ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ. එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img