Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsඋසස් පෙළ ගණිතය සමත් සිසුන්ට සුබ ආරංචියක්

උසස් පෙළ ගණිතය සමත් සිසුන්ට සුබ ආරංචියක්

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සඳහා සිසුන් 405ක් වැඩි කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසී ය. 

ලංකාවේ දැනට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සහිත විශ්වවිද්‍යාල වශයෙන් පවතින පේරාදෙණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා මෙම සිසුන් 405 ඇතුළත් කර ගැනීමට නියමිත ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අමාත්‍යවරයා වශයෙන් මා හෝ අප රජය විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සඳහා මැදිහත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අපට අවශ්‍ය අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කොට තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරන්නට. 

එහි ඉලක්කයන් සපුරා ගන්නට. විශේෂයෙන් ම දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීමට පිළියම් සෙවීමට. ඒ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාවක් වන ඉංජිනේරු පාඨමාලාව සඳහා මේ වසරේ නවක සිසුන් 405ක් ඇතුළත් කරගැනීම අප තබන ඉදිරි පියවරක්” යනුවෙන් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img