Wednesday, September 23, 2026
HomeNEWSඑවරස්ට් කන්දේ දෙසීයක් කොටුවෙති

එවරස්ට් කන්දේ දෙසීයක් කොටුවෙති

චීනයට අයත් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ ඇති වූ දරුණු හිමපතනය සමඟ කඳුනගින්නන් 200කට ආසන්න පිරිසක් එහි කොටුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.අඛණ්ඩව ඇද හැළෙන අධික හිම පතනය හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ පිහිටි ටිබෙට් නිම්නය ඔස්සේ කන්ද තරණය කරන පිරිසට බලපෑම එල්ල වන්නේ පසුගිය සිකුරාදා දින සිටය.මේ හේතුවෙන් කඳු නගින්නන් රැසක් එහි සිරවී ඇති අතර ඇතැම් පිරිස් ඒ ආසන්නයේ පිහිටි කුඩා ගම්මාන වෙත ගමන් කර තිබේ.මෙලෙස කඳු මුදුනතේ සිටින පිරිස මුදා ගැනීමට චීන රජය මේ වන විට දැවැන්ත මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.චීන මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට එහි සිරවී සිටින පිරිස 200කට ආසන්න වන බවය.මේ අතර පවතින කාලගුණික තත්ත්වය හමුවේ පිරිස මුදා ගැනීමේ මෙහෙයුම්ද අසීරු වී ඇතැයිද වාර්තා වේ.කෙසේ නමුත් අසීරු කාලගුණය හමුවේ පවා අසල පිහිටි කුඩාන් ගම්මානය වෙත ගමන් කළ පිරිස 350කට ආසන්න වන බවත් මේ වන විට චීන මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.චීන ජාතික දිනයට සමගාමීව දින 8කට නිවාඩුව හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතෙන් කඳු නැගීමට බොහෝ චීන ජාතිකයින් කටයුතු කරමින් සිටින අතර මෙලෙස විපතට පත්ව ඇත්තේ එලෙස කඳු නගිමින් සිටින පිරිසකි.චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා මින් පෙර වාර්තා කර තිබුණේ කඳු නගින්නන් 1,000ක් පමණ අතරමං වී ඇති බවය. නමුත් චීන මාධ්‍ය වාර්තා කර ඇත්තේ තරණය කළ පුද්ගලයින් 350ක් පමණ ඉවත් කර ඇති බවත් තවත් පුද්ගලයින් 200ක් පමණ මේ වන සිට සම්බන්ධ කරගෙන ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img